SASIP INSTITUTE

පාඨමාලා / ගුරුවරු A/L ගමන් මඟ
ඉහළට
වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම
  1. Google chrome හෝ ඔබ භාවිතා කරන වෙනත් Internet browser එකක් open කරගන්න.

  2. sasip.lk ලෙස ටයිප් කර Enter කරන්න.

  3. ලියාපදිංචි වීම සඳහා සැසිප් දුරස්ථ අධ්‍යාපන වෙබ් අඩවිය තෝරාගන්න. පන්ති කාල සටහන් හා ගුරුවරුන් පිළිබඳ පොදු විස්තර දැනගැනීමට අවශ්‍ය නම් සැසිප් පොදු වෙබ් අඩවිය තෝරාගන්න.

  4. නව ලියාපදිංචි වීම් (New User) තෝරාගන්න.

    1. මුල් කොටු දෙකෙහි ඔබගේ පළමු හා දෙවන කෙටි නම් ලබාදෙන්න. (ඉංග්‍රීසි අකුරු පමණයි)

    2. තුන්වන කොටුවේ ඔබගේ ජංගම දුරකථන අංකය ලබාදෙන්න. මෙම අංකයට SMS (OTP Code) එකක් ලැබෙන බැවින් මේ අවස්ථාවේ ඔබ ලඟ ඇති ජංගම දුරකථන අංකයක් ලබාදෙන්න.

    3. හතරවන කොටුවේ ඔබට කැමති PassWord එකක් ලබාදෙන්න.
      • අවම වශයෙන් එක් Capital අකුරක්,
      • Simple අකුරක්,
      • ඉලක්කමක් තිබිය යුතුයි.
      • අවම අකුරු ගණන 6 ක් හා උපරිමය 12 ක් වේ.

    4. පස්වන කොටුවේ එම පාස්වර්ඩ් එකම නැවත ලබාදෙන්න.

    5. Select Exam Year ස්ථානයේ ඔබගේ විභාග වර්ෂය තෝරාගන්න. නියමිත වර්ෂයක් නොමැති පාඨමාලා සඳහා දැනට ඇති වර්ෂය තෝරාගන්න. ඔබගේ Email ලිපිනය නිවැරදිව ලබාදී පහළින් ඇති SIGN UP තෝරාගන්න.

  5. SIGN UP වූ පසු සුළු වේලාවකදී ඔබගේ ජංගම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් ලෙස ඉලක්කම් 6 කින් යුත් OTP එකක් ලැබේ.

  6. එම OTP අංකය මෙම කොටුවෙහි නිවැරදිව ලබාදී VERIFY කරන්න. OTP එක ලැබෙන තුරු මෙම පිටුවෙන් ඉවත් වෙන්න එපා.

  7. මෙම පිටුව දිස්වේ නම් ඔබගේ ලියාපදිංචි වීම සාර්ථකයි. දැන් ඔබට පාඨමාලා සඳහා රෙජිස්ටර් විය හැකියි. ලියාපදිංචි වීම අසාර්ථක නම් නැවත මුල සිට උත්සාහ කරන්න. ලියාපදිංචි වීමේ ගැටලු ඇත්නම් 0764728855 හෝ 0713601329 ට ඇමතුමක් ලබාදෙන්න හෝ Whatsapp කරන්න.

පන්ති තෝරාගැනීම සහ ගාස්තු ගෙවීම
  1. LOG IN (ලියාපදිංචි වූ අය) තෝරාගන්න.

  2. ලියාපදිංචි වූ මොබයිල් අංකය සහ Password එක ලබාදී Log In වන්න.

  3. කොළ පැහැයෙන් ඇති “නව පාඨමාලා සෙවීම/මුදල් ගෙවීම” තෝරාගන්න.

  4. ඔබට අවශ්‍ය විභාග වර්ෂය, විෂයය හා ගුරුවරයා තෝරාගෙන SEARCH කරන්න.

  5. Search කිරීමට අදාලව ලැබෙන පන්ති එක් එක් කොටුවල පහළට load වේ. ඔබට අවශ්‍ය පන්තිය තෝරාගෙන View කරන්න.

    එකම ගුරුවරයාගේ නමින් එකම විභාග වර්ෂය සඳහා ඇතැම් විට පන්ති කිහිපයක් පවතී. එමනිසා පන්තියේ නම හොඳින් කියවන්න. උදාහරණයක් ලෙස අමිත් පුස්සැල්ල සර්ගේ Theory හා Paper පන්තිය මෙන්ම Theory/Revision/Paper පන්තියක් ද ඇත. එමනිසා අවශ්‍ය නිවැරදි පන්තිය තෝරාගැනීමට load වෙන පන්ති මොනවාදැයි හොඳින් බලන්න. මෙහිදී ඔබට සහය අවශ්‍ය නම් 0112 825 193 ට ඇමතුමක් ලබාදෙන්න.

  6. View කළ පසු ඊලඟ පිටුවේ එම පන්තිය පිළිබඳ විස්තරයක් ලබාදේ. එහි පහළට ගොස් එම පන්තිය සඳහා මුදල් ගෙවන වසර සහ මාසය තෝරාගන්න.

    වෙබ් අඩවිය හරහා වීඩියෝ පාඩම් ලබාදෙන පන්තිවල පමණක් එම මාසයට අදාල පාඩම් මොනවාදැයි පහළින් විස්තරයක් පෙන්වයි. මේ අනුව පසුගිය මාසවල පාඩම් වුවද ඔබට බලාගත හැකි අතර ඔබ තෝරාගන්නා මාසයට පන්ති ගාස්තු ගෙවා එම පාඩම් සක්‍රීය කරගත හැකියි. පාඩම් හා සම්බන්ධ වන ආකාරය ඉදිරියේ විස්තර කර ඇත.

  7. තෝරාගත් පංතිය හා මුදල් ගෙවන මාසය(සහ අවුරුද්ද) නිවැරදි නම් ADD TO CART තෝරාගන්න.

  8. ඔබ ගාස්තු ගෙවන්නේ තෝරාගත් පංතියේ එම මාසයට පමණක් නම් PROCEED TO PAY තෝරාගන්න.

    එම පන්තියේම තවත් මාසයක් සඳහා හෝ වෙනත් පංතියක් සඳහා ද එකවර මුදල් ගෙවීමට අවශ්‍ය නම් ADD ANOTHER CLASS තෝරාගෙන පෙර පරිදි Search කර අවශ්‍ය පන්තිය හා මාසය නැවත තෝරාගන්න. මෙලෙස Cart එකට නැවත නැවත එකතු කරගනිමින් ඔබට පන්ති කිහිපයක් හෝ මාස කිහිපයක් සඳහා එකවර මුදල් ගෙවිය හැකියි.





  9. Online මුදල් ගෙවිය හැකි ක්‍රෙඩිට් කාඩ් (Visa/Master Card) එකක් ඇත්නම් මෙහි පළමු Pay by Visa/Master Card තෝරාගන්න.

    බැංකුවක් වෙත ගොස් හෝ මුදල් තැන්පත් කරන යන්ත්‍රයක් (CDM) වෙත ගොස් හෝ ඔන්ලයින් මුදල් Transfer කළ හැකි App එකක් මගින් පන්ති ගාස්තු ගෙවීම සඳහා Bank Transfer/Deposit තෝරාගන්න.
  1. Pay By Visa Master Card

    (Credit card / Debit Card)


  2. Bank Transfer / Deposit
Pay By Visa Master Card
  1. (Visa/Master) ක්‍රෙඩිට් කාඩ් තෝරාගැනීමට පෙර ප්‍රමාණවත් මුදල් ක්‍රෙඩිට් කාඩ් එකෙහි ඇති බවට තහවුරු කරගන්න. මෙම ගනුදෙනුව අතර තුර බැංකුව පාර්ශවයෙන් sms (OTP) එකක් ලැබෙන බැවින් බැංකුව වෙත ලබාදී ඇති මොබයිල් අංකය සහිත phone එක ඔබට අවශ්‍ය වේ. නැතහොත් මුදල් ගෙවීම සාර්ථකව අවසන් කල නොහැකියි.

  2. PLACE THE ORDER තෝරාගන්න.

  3. ක්‍රෙඩිට් කාඩ් විස්තර ලබාදිය යුතු පිටුව load වන තුරු මදක් රැඳී සිටින්න. ඇතැම් විට තරමක වේලාවක් ගතවිය හැකියි. ඔබ ආපසු (back) ගියහොත් මුදල් ගෙවීම අසාර්ථක වේ. වෙනත් දෝෂයක් හෝ දිගු වේලාවක් ගතවේ නම් නැවත වතාවක් මුල සිට උත්සාහ කරන්න. මුදල් ගෙවීම දිගින් දිගටම අසාර්ථක වේ නම් 0764728855 හෝ 0713601329 ට Whatsapp පණිවිඩයක් මගින් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න.

  4. මෙම පිටුව load වූ පසු කෙටි කාලයක් තුල ක්‍රෙඩිට් කාඩ් විස්තර නිවැරදිව ලබාදී Card Center වෙත ලබාදී ඇති මොබයිල් අංකයට ලැබෙන OTP අංකය enter කරන්න.

  5. මුදල් ගෙවීම සාර්ථක නම් මෙම පිටුව දිස්වේ. දැන් ඔබට අදාල පන්ති සඳහා සහභාගී විය හැකියි. පන්ති සඳහා සහභාගී වන ආකාරය ඉදිරියේ විස්තර කරනු ඇත.

    ඔන්ලයින් මුදල් ගෙවීම සාර්ථක වීමට සුලු වේලාවක් ගතවෙන අතර මෙම පින්තූරයේ පෙනෙන පිටුව දිස්වන තෙක් ආපසු (Back) යාමෙන් වලකින්න. එසේ කිරීමෙන් අවසාන මොහොතේ ඔබගේ ගනුදෙනුව අසාර්ථක විය හැකියි. දිගු වේලාවක් ගතවේ නම් හෝ ඔබගේ ගිණුමෙන් මුදල් අඩුවී අදාල පන්ති සක්‍රීය වී නොමැති නම් 0764728855 හෝ 0713601329 ට Whatsapp පණිවිඩයක් එවන්න.
Bank Transfer
  1. බැංකුවක් වෙත ගොස් හෝ මුදල් තැන්පත් කරන යන්ත්‍රයක් (CDM) වෙත ගොස් හෝ ඔන්ලයින් මුදල් Transfer කළ හැකි App එකක් මගින් පන්ති ගාස්තු ගෙවීම සඳහා Bank Transfer/Deposit තෝරාගන්න.

  2. PLACE THE ORDER තෝරාගන්න.

  3. PLACE THE ORDER තෝරාගත් පසු මෙම පින්තූරයේ කොළ පැහැයෙන් ඇති පළමු කොටුවේ දිස්වෙන ආකාරයට ඔබේ මුදල් ගෙවීමට අදාලව ඕඩර් අංකයක් ලැබේ. එම ඕඩර් අංකය නිවැරදිව සටහන් කරගන්න.

  4. ඕඩර් අංකය පෙන්වන පිටුවේ පහළට යන විට සැසිප් ආයතනය වෙත මුදල් ගෙවීම් කල හැකි බැංකු ගිණුම් කිහිපහක් දක්වා ඇති අතර ඔබට පහසු බැංකු ගිණුමක විස්තර සටහන් කරගන්න.

    බැංකුවක් වෙත/CDM මැෂින් එකකින් හෝ Online App එකකින් අදාල ගාස්තු ගෙවා එම රිසිට්පත වෙබ් අඩවියේ My Request හරහා අප වෙත එවිය යුතුයි. රිසිට්පත් එවන ආකාරය ඉදිරියේ පැහැදිලි කර ඇත. App එකක් මගින් මුදල් Transfer කලේ නම් transaction එක අවසානයේ ගනුදෙනුවට අදාල විස්තරයෙහි Screen shot එකක් හෝ ගනුදෙනුවට අදාලව ඔබ වෙත ලැබී ඇති ඊමේල් පණිවිඩයෙහි Screen shot එකක් අපවෙත එවිය යුතුයි. මේ පිළිබඳව ඔබට ගැටලු ඇත්නම් 0764728855 හෝ 0713601329 ට Whatsapp කරන්න.
මුදල් ගෙවූ රිසිට්පත් එවීම සහ පැමිණිලි
My Request
  1. LOG IN (ලියාපදිංචි වූ අය) තෝරාගන්න.

  2. ලියාපදිංචි වූ මොබයිල් අංකය සහ Password එක ලබාදී Log In වන්න.

  3. උඩ දකුණු පස කෙටි ඉරි කිහිපයකින් දක්වා ඇති මෙනු (Menu) එක තෝරාගන්න.

  4. Menu එකෙන් My Requests තෝරාගන්න.

  5. Issue Type ඇති තැන කොටුව ක්ලික් (click) කරන්න.

  6. ලැබෙන Menu එකෙන් "පන්ති ගාස්තු ගෙවූ රිසිට්පත්/screenshots එවීම" තෝරාගන්න.

    පන්ති ගාස්තු ගෙවූ රිසිට්පත් එවීම සේම ඔබට ඇති වෙනත් ගැටලුද මෙහි ඇති තෝරාගැනීම් යටතේ අප වෙත එවිය හැකියි.

  7. Description එකෙහි ඔබට ලැබුණු ඕඩර් අංකය සටහන් කරන්න.

  8. මෙහි ඇති choose file ක්ලික් කරන්න.

  9. ෆෝන් එකෙහි කැමරාව හෝ File තෝරාගෙන රිසිට්පතෙහි පින්තූරය upload කරන්න.

  10. දැන් SUBMIT කරන්න.

  11. SUBMIT කිරීම සාර්ථක නම් මේ ආකාරයට දිස්වේ. එසේ නොමැති නම් නැවත උත්සාහ කරන්න.

  12. ඔබ එවූ රිසිට්පත් බැංකුව පාර්ශවයෙන් පරීක්ෂා කර අදාල පන්ති සක්‍රීය කරදීමට ඇතැම් විට දිනක පමණ කාලයක් ගතවනු ඇත. පන්තිය සක්‍රීය කිරීම පිළිබඳව වෙබ් අඩවිය හරහා ම ඔබට නැවත දැනුම් දෙනු ලබන අතර ඔබ නැවත අවස්ථාවක ලොග් වූ පසු අපෙන් ඔබට පණිවිඩයක් ඇත්නම් එය මෙම ඉහත රූපයේ ආකාරයට දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් ඔබ වෙත එවා ඇති පණිවිඩය බලාගත හැක.

  13. අපෙන් ඔබ වෙත එවා ඇති පණිවිඩ බලාගැනීමට ප්‍රධාන මෙනුවෙහි My Requests තෝරාගන්න. එම පිටුවෙහි පහළට ගිය විට අදාල Reply බලාගත හැකියි.


වීඩියෝ පාඩම් නැරඹීම
  1. LOG IN (ලියාපදිංචි වූ අය) තෝරාගන්න.

  2. ලියාපදිංචි වූ මොබයිල් අංකය සහ Password එක ලබාදී Log In වන්න.

  3. ඉන්පසු ලැබෙන පිටුවේ මදක් පහළට යන විට ගුරුවරුන්ගේ පින්තූර දැකගත හැකියි. ඔබට අවශ්‍ය පන්තියට අදාල ගුරුවරයාගේ පින්තූරය මත ක්ලික් කරන්න.

  4. මුදල් ගෙවූ පාඨමාලා සෙවීම යටතේ පළමුව අවශ්‍ය පන්තිය තෝරාගන්න. ඉන්පසු මුදල් ගෙවූ වර්ෂය හා මාසය තෝරාගන්න. මෙහි වර්ෂය යනු ඔබ මුදල් ගෙවූ මාසයට අදාල වර්ෂයයි. දැන් SEARCH මත ක්ලික් කරන්න.

  5. SEARCH කල පසු එම මාසය සඳහා මේ වන තෙක් upload කර ඇති පාඩම් දිස්වේ. පළමු සතියේ සිට එක් එක් සතියට අදාලව මෙම පාඩම් එකතු කර ඇති අතර පළමු සතියේ (1st week) සිට පිළිවෙලින් අදාල පාඩම් අවසන් කරන්න. එක් සතියකට අදාලව ඇති කොටස් 1,2,3... පිළිවෙලින් එකතු කර ඇත.

  6. එම මාසය හෝ සතිය සඳහා ටියුට්, papers ඇත්නම් මේ ආකාරයට දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් එම ටියුට් බලාගැනීමට හා download කරගැනීමට අවස්ථාව ඇත.

  7. ලබාදී ඇති වීඩියෝ පාඩම් මේ ආකාරයෙන් දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් එම වීඩියෝ පාඩම් හා සම්බන්ධ විය හැකියි.

  8. මෙහි පෙන්වන ආකාරයට Video Player එක මත ක්ලික් කිරීමෙන් වීඩියෝ පාඩම Play කිරීම ආරම්භ කල හැකියි. පාඩමේ අගටම එකවර යාමෙන් වලකින්න. එමගින් ඔබගේ අවස්ථාවක් අහිමි වනු ඇත. නමුත් ඔබට පාඩම බලන අතරතුර pause කිරීමට හෝ පසුවූ කොටසක් අවශ්‍ය තැනක සිට නැවත බැලීමට (Rewind) හැකියාව ඇත. පාඩම් බලන අතරතුර වාරයේදී ඔබ සිටින පිටුවෙන් ආපසු(Back) යාමෙන් වලකින්න. වීඩියෝ පාඩම අවසන් වීමට පෙර අතරමගදී close කිරීමෙන් එක් අවස්ථාවක් අහිමි වේ.

  9. සාධාරණ හේතුවක් මත වීඩියෝ පාඩම් බැලීමේදී ගැටලු ඇතිවුවහොත් ප්‍රධාන මෙනුවෙහි My Requests හි වීඩියෝ පාඩම් සඳහා නැවත අවස්ථාවක් ලබාගැනීම යටතේ ඉල්ලීම් කරන්න.

  10. වීඩියෝ පාඩමක් සඳහා නැවත අවස්ථාවක් ලබාගැනීමට පළමුව වෙබ් අඩවියේ ඉහළ දකුණුපස කෙටි ඉරි කිහිපය මත ක්ලික් කරන්න.

  11. ලැබෙන Menu එකෙන් My Request තෝරාගන්න.

  12. Select the relevant issue මත ක්ලික් කරන්න.

  13. ලැබෙන Menu එකෙන් වීඩියෝ පාඩමක් සඳහා නැවත අවස්ථාවක් ලැබීම තෝරාගන්න.

  14. Lesson කොටුවෙහි පහළට ඇති ඊතලය මත ක්ලික් කරන්න.

  15. ලැබෙන list එකෙන් ඔබට අවශ්‍ය lesson එක තෝරාගන්න.

  16. Episode කොටුවෙහි පහළට ඇති ඊතලය මත ක්ලික් කරන්න.

  17. ලැබෙන list එකෙන් ඔබට අවශ්‍ය lesson එක තෝරාගන්න.

  18. Reason එක (හේතුව) තෝරාගෙන SUBMIT මත ක්ලික් කරන්න.

  19. SUBMIT කිරීම සාර්ථක නම් මේ ආකාරයට දිස්වේ. එසේ නොමැති නම් නැවත උත්සාහ කරන්න.

  20. වීඩියෝ පාඩම සක්‍රීය කිරීම පිළිබඳව වෙබ් අඩවිය හරහා ම ඔබට නැවත දැනුම් දෙනු ලබන අතර ඔබ නැවත අවස්ථාවක ලොග් වූ පසු අපෙන් ඔබට පණිවිඩයක් ඇත්නම් එය මෙම ඉහත රූපයේ ආකාරයට දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් ඔබ වෙත එවා ඇති පණිවිඩය බලාගත හැක.

  21. එසේ නොමැතිනම් ඔබ වෙත එවා ඇති Reply බලාගැනීමට ඉහළ දකුණු පස කෙටි ඉරි කිහිපය මත ක්ලික් කරන්න.

  22. මෙහි ප්‍රධාන මෙනුවෙන් My Requests තෝරාගන්න. එම පිටුවෙහි පහළට යන විට අප එවා ඇති Reply බලාගත හැක.

Password එක Reset කරගැනීම
  1. ලොග් වීමේදී ඔබ රෙජිස්ටර් වී ඇති මොබයිල් අංකය හා පාස්වර්ඩ් ලබාදුන් පසු Invalid Login information ලෙස පෙන්වයි නම් පළමුව මොබයිල් අංකය නිවැරදිදැයි බලා නැවත උත්සාහ කරන්න. ලබාදී ඇති පාස්වර්ඩ් අමතක නම් Forgot Password තෝරාගන්න.

  2. ඉන්පසු ඔබ රෙජිස්ටර් වී ඇති මොබයිල් අංකය ලබාදී RESET PASSWORD මත ක්ලික් කරන්න.

  3. සුලු වේලාවකදී ඔබ රෙජිස්ටර් වී ඇති මොබයිල් අංකය වෙත SASIP ආයතනයෙන් (sms) කෙටි පණිවිඩයක් ලැබේ. එම පණිවිඩයේ ඇති verification code අංකය නිවැරදිව බලාගන්න.

  4. ඉලක්කම් 6 කින් යුත් එම verification code එක මෙහි ඇති කොටුවෙහි ටයිප් කර VERIFY මත ක්ලික් කරන්න.

  5. පළමු කොටුවේ ඔබට කැමති නව PassWord එකක් ලබාදෙන්න.
    • අවම වශයෙන් එක් Capital අකුරක්,
    • Simple අකුරක්,
    • ඉලක්කමක් තිබිය යුතුයි.
    • අවම අකුරු ගණන 6 ක් හා උපරිමය 12 ක් වේ.

    දෙවන කොටුවේ එම ලබාදුන් පාස්වර්ඩ් එකම නැවත ලබාදෙන්න.

  6. අනතුරුව ඔබගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකෙන් (උදාහරණ- Google chrome මගින්) ලබාදුන් නව තොරතුරු save කිරීමට හෝ update කිරීමට අසන්නේ නම් එයට අවසර ලබාදිය හැකියි. මෙම පින්තූරයේ ආකාරයේ ඉහළින් notification එකක් ලෙස දිස්වීමට ඉඩ ඇත. අවසර ලබාදීමෙන් නැවත ඔබ ලොග් වීමේදී පාස්වර්ඩ් හා මොබයිල් අංක නැවත නැවත ටයිප් කල යුතු නොවේ. එය ලොග් වීමේදී පහසුවක් වනු ඇත.

© COPYRIGHT SASIP INSTITUTE

Developed by UI Creations